පානදුර – කර්මාන්ත පුර මාර්ගයේදී මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදු වන අවස්ථාවේ එහි දෙදෙනෙකු සිට ඇති බවත්, ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.
ප්රදේශවාසීන් එක්ව අදාළ මෝටර් රථය ගොඩ ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන්.