ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් තවත් පුද්ගලයන් 04 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් යාපනය හා කිලිනොච්චිය ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
මීට පෙර ද ඇයට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.