හික්කඩුව, මාවතගම ප්රදේශයේ නිවසක් ඉලක්ක කර ඊයේ (20) රාත්රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, වෙඩි ප්රහාර 04 ක් පමණ එල්ල කර තිබෙන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වනවා.