2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, 2025 අගෝස්තු මාසයේදී 1.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1 % ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.
2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේදී 3.8% ක් දක්වා වැඩිවී ඇති අතර, 2025 අගෝස්තු මාසයේදී 0.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේදී 0.7% ක් දක්වා වැඩි වී තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්.