පාර්ලිමේන්තුව අද (21) රැස්වී තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව. 11.00 – පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහාත් වෙන්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව. 5.00 ට මේ වන විට පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදය පවත්වා අවසන් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවීමට නියමිතව තිබෙනවා.