නීතිඥ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ වාහන හඳුනාගැනීමේ බලපත්‍ර ගැන තීරණයක්

නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එමෙන්ම එවැනි කටයුත්තක් සිදුකිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.