දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය ද්‍රෝණිය පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබී ඇති අතර, දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්පරයට ඝණ අඩි 5,038 ක තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා‍.