ඍජු විදේශ ආයෝ­ජන 138%කින් වැඩි වෙලා

මේ වසරේ (2025) ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා කාලයේ ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ අනු­මත ව්‍යාපෘ­තීන් හරහා ඍජු විදේශ ආයෝ­ජන ලෙස එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 827ක් ලැබී ඇත.

එය පසු­ගිය වසරේ එම කාල­යට සාපේ­ක්ෂව (2024) හා සස­ඳන විට 138%ක වැඩි­වී­මක් බව ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය පව­සයි.

මෙම ආයෝ­ජන ගලා ඒම මූලාශ්‍ර හත­ර­කින් සිදුව තිබෙන අතර එනම් කොටස් ප්‍රාග්ධ­නය ලෙස ඇ.ඩො. මිලි­යන 111, නැවත ආයෝ­ජ­නය කරන ලද රඳ­වා­ගත් ඉපැ­යීම් ලෙස – ඇඩො මිලි­යන 132, ආයෝ­ජන සඳහා අන්තර් සමා­ගම් විදේ­ශීය ණය ගැනීම් ලෙස – ඇඩො.මි මිලි­යන 231, ආයෝ­ජන සඳහා දිගු­කා­ලීන විදේශ වාණිජ ණය -ඇඩො. මිලි­යන 331ක් ලැබී තිබේ.

මෙම ඍජු විදේශ ආයෝ­ජන ලැබීම ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය සමඟ 2025දී අත්සන් කරන ලද ව්‍යාපෘති ගිවි­සුම හරහා අමෙ­රි­කානු ඩොලර් මලි­යන 124ක් ලෙස සාක්ෂාත් කර ගන්නා ලද අතර, මෙම ප්‍රග­තිය නව ආයෝ­ජ­ක­යන්ගේ වර්ධ­නය වන විශ්වා­සය සහ ශක්ති­මත් ව්‍යාපා­රික පරි­ස­ර­යක් යටතේ තම මෙහෙ­යුම් පුළුල් කිරී­මට පවත්නා ආයෝ­ජ­ක­යන්ගේ අඛණ්ඩ කැප­වීම යන දෙකම පිළි­බිඹු කරන බව මණ්ඩ­ලය පව­සයි.

ජය­සිරි මුණ­සිංහ