පවතින අයහපත් කාලගුණයෙන් මේ වන විට පවුල් 187 කට අයත් පුද්ගලයින් 747 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එසේම, පුද්ගලයින් දෙදෙනෙක් ද මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
නිවාස 152 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවද සඳහන්.
පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී. 172 ක් බද්දේගමින් වාර්තා වී තිබෙනවා.