2025 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (20) පැවති තරගය ලකුණු 7 කින් ජය ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 202 ක් රැස් කරගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කාන්තා ක්රිකට් පිලට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 09 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 195 ක් පමණයි.
මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.