ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර හා යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, යටියන්තොට, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, දෙහිඕවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලිය‍‍ගොඩ, කලවාන හා රත්නපුර යන ප්‍රදේශ සඳහා අදියර 2 මට්ටමේ ‘අවදානයෙන් සිටින්න (ඇම්බර්)’ යනුවෙන් නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව හා ⁠යක්කලමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ⁠පාලින්දනුවර හා ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ ⁠දෙල්තොට, දොළුව, ⁠උඩුනුවර, උඩපලාත, පාතදුම්බර, ⁠පාතහේවාහැට, ගඟඉහළ කෝරළය, පස්බාගෙ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, වරකාපොල, බුලත්කොහුපිටිය, ගලිගමුව යන ප්‍රදේශ සඳහා අදියර 1 මට්ටමේ ‘විමසිලිමත් වන්න (කහ)’ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ⁠අලව්ව, නාරම්මල, මල්ලවපිටිය, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, යටවත්ත, ⁠උකුවෙල, පල්ලෙපොල, ⁠ලග්ගල, ⁠නාඋල, ⁠අඹන්ගග කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, ⁠වලපනේ, නෝර්වුඩ් හා රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඉඹුල්පෙ, කිරිඇල්ල, කුරුවිට හා අයගම යන ප්‍රදේශ සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.