හදිසි ආපදා තත්ත්වයකට සහය ලබාදීමට යුද හමුදා කණ්ඩායම් සූදානම් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී යුද හමුදා කණ්ඩායම් යෙදවීමට පියවර ගන්නා බව යුද හමුදාව පවසනවා.

ඒ අනුව‍, සෑම දිස්ත්‍රික්කයකටම යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ පවසනවා.

අද දිනයේද වර්ෂාව බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.