නාමල්ට හා පොහොට්ටුවට එරෙහිව සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව CID වෙත පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එහි පක්ෂ නායකත්වය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉලක්ක කර ගනිමින් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට එරහිව අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන පසන් කස්තුරි විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස්ගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය සොයා ගැනීම් දේශපාලනීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත චෝදනා එල්ල කළ බවත්, එයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.