මේ වසරේදී දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්රියේදී දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව Orionids ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අද රාත්‍රී 11.00 න් පසු මෙය නිරීක්ෂණය කළ හැකි අතර, අලුයම 3.00 – 5.00 අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.