බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැටලීම්වලදී, බස් රථ 2,478 ක් පරීක්ෂා කොට, ඒ අතුරින් 360 දෙනෙකුට දඩ නිකුත් කර ඇති බව සඳහන් වෙනවා.
ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම පරීක්ෂාවන් සිදුවී ඇති අතර, මුල් දින 14 තුළ දැනුවත් කිරීම් පමණක් සිදු කළ බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ පවසා සිටියේ.
මෙම දඩ නිකුත් කිරීම් අතර, ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ කොන්දොස්තරවරුන් 132 ක්, ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් 07 දෙනෙක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 221 දෙනෙක් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.
ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම, බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම, ව්‍යාජ බලපත්‍ර සන්තකයේ තබා ගැනීම ඇතුළු වෙනත් වැරදි රැසක් සම්බන්ධයෙන් තවත් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 221 දෙනෙකුට ද දඩ නිකුත් කර, සේවය අත්හිටුවා, ඔවුන් වැඩමුළුවකට යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.