අදට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් දමිළ මාධ්‍ය පාසල්වලට හෙට (21) දිනයේ ද නිවාඩු දීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
දීපාවලී නිමිත්තෙන් අද (20) සියලුම පාසල්වලට නිවාඩු දී ඇති අතර, උතුරු – නැඟෙනහිර, ඌව, මධ්‍යම පළාත් පාසල්වලට මෙසේ විශේෂ නිවාඩුවක් ලබා දීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත. ඒ වෙනුවෙන් වෙනත් දිනයක පාසල් පැවැත්වීමට ද අදාළ බලධාරීන් තීරණය කර තිබේ.
මධ්‍යම පළාතේ පවතින 400කට අධික දෙමළ පාසල්වලට දෙන මේ විශේෂ නිවාඩුව වෙනුවට මේ මස 25 වැනි සෙනසුරාදා පාසල් දිනයක් පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
නාඋල සමූහ, සොරණාතොට සමූහ, ඌව පළාත් සමූහ, ත්‍රිකුණාමලය විශේෂ සහ කුණ්ඩසාලේ සමූහ