දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා.

මෙම පහසුකම ලබන මාසයේ උතුරු පළාතේ ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව වසර අවසන් වීමට පෙර පළාත් 9ම ආවරණය කිරීමට අපේක්ෂා කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.

සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැකියි.