ගුවන් තොටුපළ හරහා නිකුත් කරන ලබන රියදුරු බලපත්‍ර වෙනුවෙන් අය කරන ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව, එම ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද, මේ වන විට අය කරන්නේ රුපියල් 2,000 ක් පමණක් බවද උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඊට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.