පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්රදේශ කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල, ඌව පරණගම, මහනුවර දිස්ත්රික්කයේ දොළුව, උඩුනුවර, දෙල්තොට, උඩුදුම්බර, කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල, යටියන්තොට, මාතලේ දිස්ත්රික්කයේ යටවත්ත, අඹන්ගඟ කෝරළේ, උකුවෙල, පල්ලේපොළ, රත්තොට යන ප්රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එසේම, නුවරඑළිය දිස්ත්රික්කයේ හඟුරන්කෙත, වලපනේ, අඹගමුව, රත්නපුර දිස්ත්රික්කයේ ඉඹුල්පේ, ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, වැලිගේපොළ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.