සෝලා ඒක­ක­ය­කට ආණ්ඩු­වෙන් රු. 45.80ක්

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය සඳහා රජයේ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව පියසි මත සූර්ය පැනල (Roof Top Solar) සඳහා සහ බිම මත සවි කරන ලද සූර්ය පැනල (Ground Mounted Solar) සඳහා ඉතා ආක­ර්ෂ­ණීය ගාස්තු­වක් – එනම්: ඒක­ක­යක් සඳහා රුපි­යල් 45.80ක් ගෙවී­මට රජය කට­යුතු කර තිබේ.

මෙහිදී දිවා කාලයේ ජන­නය කරන සූර්ය බලය ගබඩා කර, රාත්‍රී කාල­යේදී වැඩි මිල­කට ලංවි­මට අලෙවි කළ හැකිය. මෙය අපතේ යන සූර්යා­ලෝ­කය ගබඩා කර එය රටට අවශ්‍ය මොහො­තේදී භාවිත කිරී­මට කට­යුතු කළ හැකි නව ක්‍රම­වේ­ද­යක් ලෙස හඳුන්වා දී ඇත.

ඒ අනුව, මෙම සුවි­ශේෂ නව ගාස්තු ක්‍රම­වේ­ද­යට අනුව රාත්‍රී විදුලි ඉල්ලුම වැඩි කාලය තුළ (පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා) බැටරි ගබඩා පද්ධ­ති­ව­ලින් (BESS) මුදා හරින විදුලි ඒක­ක­යක් රුපි­යල් 45.80ක මිල­කට මිල දී ගැනී­මට ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය තීර­ණය කර තිබේ.

මේ නව ගාස්තු ක්‍රමය හඳුන්වා දී ඇත්තේ දැන­ට­මත් සූර්ය පැනල සවි කර ඇති Roof Top Solar සහ Ground Mounted Solar සඳහා පමණි.

තවද ඉදි­රි­යේදී වෙළෙ­ඳ­පොළ ඉල්ලුම සලකා බලා, මේ සම්බ­න්ධ­යෙන් අලු­තින් ආයෝ­ජ­නය කිරී­මට කැමැති පාරි­භෝ­ගි­ක­යන් හටද මෙම නව ක්‍රමය හඳු­න්වා­දී­මට හැකි වනු ඇත.

මුලාශ්‍ර – සිළුමිණ