සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් ලංකා සතොස සමාගමට අය විය යුතු රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් තවම අයකරගෙන නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප් කමිටුව)පසුගියදා අනාවරණය වුණා.
මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලීමේන්තුවේ කෝප් කමිටුව පසුගිය දා රැස්වූ අවස්ථාවේදී.
සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් පෙන්වා දෙනු ලැබුවා.
සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවිය යුතු වුවත්, 2020 දෙසැම්බර් 31 දින වන විට ගිවිසුම් 29 ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අත්තිකාරම් මුදල් ලෙස රු. 34,234,996ක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙනු ලැබුවා.
මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බව මෙහිදි අනාවරණය වුණා.