බැංකු ගිණුමක් නොමැති හිටපු ඇමැති

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමැති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ පසුගියදා කොළඹ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී සිදුවූ කතාබහක දී.

අවමංගල්‍යයට පැමිණි දේශපාලඥයින් පිරිසකගේ මාතෘකාව බවට පත් වූයේ අල්ලස් කොමිසමයි.

වජිර අබේවර්ධන , මොහොමඩ් මුසම්මිල්, නවීන් දිසානායක, අකිලි විරාජ් කාරියවසම්, මනුෂ නානායක්කාර, නිශාන්ත ශ්‍රී වර්ණ සිංහ ඇතුළු පිරිසක් ඵසේ කතාබස් කරමින් සිටියා.

මුලින්ම අදහස් දැක්වූ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ මටත් අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණා .ප්‍රශ්න කරනකොට මම කිව්වා බැංකු ගිණුමක් මට නැහැ කියලා. ඇයි සර් බැංකු ගිණුමක් නැත්තේ කියලා ඔවුන් මගෙන් ඇහුවා. එම නිලධාරින් පුදුමයටත් පත්වුණා.ඒක මට ප්‍රශ්නයක් නැතිනම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා කියලා මම කිව්වා.

වජිර කියපු ඒ කතාවට හුඟ දෙනෙකුට එතන හිටපු සිනහ පහළ වුණා.

ඇත්තටම වජිර මන්ත්‍රීතුමාට බැංකු ගිණුමක් නැද්ද ?එතන හිටපු කිහිපදෙනෙක්ම ඇහුවා .

ඇත්තටම නැහැ. වජිර කියපු කතාවට එතන හිටපු කිහිපදෙනෙකුත් පුදුමයට පත්වුණා.