පෘතුගාලයේ ‘බුර්කා’ තහනම්

පෘතුගාලයේ පොදු ස්ථානවලදී ස්ත්‍රීන් හෝ පුරුෂයන් ආගමික අරමුණු භාවිතා කරන මුහුණු වැස්ම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබෙනවා.

මෙමගින් “ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගමික අභිප්‍රායන්” සඳහා භාවිතා කරන මුහුණු ආවරණ බොහෝමයක් පොදු ස්ථානවල තහනම් කෙරෙනවා.

තවද, මෙමගින් මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කා සහ නිකාබ් ඍජුවම ඉලක්ක කෙරෙනවා.

නව පනත යටතේ, පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම සඳහා යෝජිත දඩ මුදල අමෙරිකානු ඩොලර් 234 – 4,671ත් අතර පරාසයක පවතිනවා.

පනට අනුව යමෙකුට මුහුණු ආවරණයක් පැළඳීමට බල කිරීම වසර තුනක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්.

කෙසේ වෙතත්, ගුවන් යානා, රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයන් සහ ආගමික ස්ථානවල මුහුණු ආවරණ තවමත් පැළඳීමට අවසර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අන්ත දක්ෂිණාංශික චේගා පක්ෂය විසින් යෝජනා කරන ලද්දක්.

මෙම පනත් කෙටුම්පත මධ්‍ය-දක්ෂිණාංශික සන්ධානයේ සහාය ඇතිව සම්මත වුණා.

එයට විරුද්ධ වූයේ වාමාංශික පක්ෂවල කාන්තා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පමණයි.

මෙම පනත නීතියක් බවට පත් වුවහොත්, පෘතුගාලය මේ වන විටත් සම්පූර්ණ හෝ අර්ධ තහනම් පනවා ඇති ප්‍රංශය, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් අතරට එක් වනවා.

යුරෝපයේ මුස්ලිම් කාන්තාවන්ගෙන් කුඩා සුළුතරයක් පමණක් ඔවුන්ගේ මුහුණු ආවරණය කරන අතර, පෘතුගාලය තුළ එවැනි ආවරණ අතිශයින් දුර්ලභයි.

කෙසේ වෙතත්, නිකාබ් සහ බුර්කා වැනි සම්පූර්ණ මුහුණු ආවරණ යුරෝපය පුරා මතභේදාත්මක ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

සමහරු තර්ක කරන්නේ ඒවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් සංකේතවත් කරන බව හෝ ආරක්ෂක තර්ජනයක් නියෝජනය කළ හැකි බැවින් ඒවා තහනම් කළ යුතු බවයි