පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස්කර අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරා ප්‍රකාශ කරනවා.
මන්ත්‍රීවරයා කියා සිටින්නේ ලබන 21 වැනිදා මෙම කෙටුම්පත විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරන බවයි.
ඉන් අනතුරුව විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අනුමැතිය මෙම කෙටුම්පතට ලබා ගැනීමෙන් පසු එම සතියේදීම මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසුවා.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම මගින් කථානායකවරයා පාර්ලිමේන්තුව නොමග යවා තිබෙන බවත් කථානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසය භංගවීම නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් අජිත් .පී පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මීට අමතරව කථානායකවරයාගේ පක්ෂග්‍රාහි ක්‍රියා කලාපයන් ගැන කරුණු තිබෙන බවත් මේ නිසාම විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම කථානායකවරයා කෙරෙහි විශ්වාසය භංගවීම නිසා විපක්ෂයේ සියලුම පක්ෂවල සහයෝගයෙන් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉතා කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බවද අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.