පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය පැවසුවේ අද (17) පස්වරු 4 සිට හෙට පස්වරු 04 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ – හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ – නෙළුව, ගම්පහ දිස්ත්‍රික්කයේ – අත්තනගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුනුවර, දෙල්තොට, කෑගල්ල දිස්ත්‍රික්කයේ – කෑගල්ල, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක, රුවන්වැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ – අලව්ව, රිදීයගම, මාතලේ දිස්ත්‍රික්කයේ – අඹන්ගඟ කොරළය, පල්ලේපොල, රත්තොට, උකුවෙල, යටවත්ත, මොනරාගල දිස්ත්‍රික්කයේ – මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ – හඟුරක්කෙත, අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ – ඉඹුල්පේ, කලවාන, ඇහැලියගොඩ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.