රාජ්‍ය ආයතන රැසක වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය කරමින් බිඳ වැටුණ රජයේ ක්ලවුඩ් (LGC) සේවා යථා තත්ත්වයට පත් කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව LGC හි සේවාවන් කිහිපයකට අඛණ්ඩව බාධා පැමිණෙමින් පවතින බව සඳහන්.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක සම්මුතියක් බිඳී නොමැති බව ICTA පවසනවා.
සේවා බාධාව නිවැරදි කිරීමට ICTA ඉංජිනේරුවන්ගේ සහ සේවා සපයන්නන්ගේ ඒකාබද්ධව දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින බවයි වාර්තාවන්නේ.
බලපෑමට ලක් වූ සේවාවන් කිහිපයක් සඳහා අතින් සිදු කරන විකල්ප තවමත් මහජනතාවට ලබා ගත හැකි අතර, උදාහරණයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සහතික පත්‍ර පිටපත් ලබාදීම සිදුවනවා.
2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද LGC නවීකරණයේ සහ ව්‍යාප්තියේ ඊළඟ අදියර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.
සම්පූර්ණ යථා තත්ත්වයට පත් කිරීම ඉක්මනින් අපේක්ෂා කරන බවත්, ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සේවාවන් අදියර වශයෙන් නැවත සක්‍රීය කරන බවත් ICTA ප්‍රකාශ කරනවා.
සියලුම සේවාවන් කඩිනමින් සහ ප්‍රශස්ත කාර්ය සාධනයෙන් යුතුව ප්‍රතිස්ථාපනය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි ICTA මෙම නිවේදනය හරහා අවධාරණය කරන්නේ.