ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා දෙන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

ඒවා මුද්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව එම ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පොත් බෑගයේ බරද අඩුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.