දිවයිනේ විවිධ ප්රදේශවල පසුගිය පැය 24 ක කාලය තුළදී සිදුවූ රිය අනතුරු හතකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා.
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඒරියාගම ප්රදේශයේදී ඊයේ වෑන් රථයක්, රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන ගසක හා දුරකථන රැහැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් වෑන් රථයේ රියදුරු, එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස කාන්තාවන් දෙදෙනා මියගොස් තිබුණා.
එමෙන්ම, මාදම්පේ විලත්තව හතරමංහන්දිය මාර්ගයේ බුලත් හන්දිය ප්රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ 52 හැවිරිදි යතුරුපැදිකරු මියගියා.
මේ අතර, යාපනය හබරාදූව, මැදවච්චිය, උඩුගම්පොල සහ කිරිල්ලවල යන ප්රදේශවලින් ද අනතුරු වාර්තා වූ අතර ඉන් එක් පුද්ගලයෙකු බැගින් මියගොස් තිබුණා.