මෙරට වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා.
සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක් මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 379,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද රුපියල් 15,000කින් රන් මිල ඉහළ ගොස් ඇති බවයි.