යතුරු පැදිය හමුදා කැබ් රියක ගැටී තරුණියක් මරුට

වරකාපොල පොලිස් වසමේ අලව්ව අඹේපුස්ස මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණියක මිය ගිය බව වරකාපොල පොලිසිය පවසනවා.

ඊයේ (15) සවස් කාලයේ හමුදා කැබ් රථයක් යතුරු පැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් කැබ් රථයේ රියදුරු, යතුරු පැදිකරු, පසු පැදිකරුවෙකු හා පසු පැදිකාරියක බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මිය ගිය බව පොලිසිය කියනවා.

මරණකාරිය වයස අවුරුදු 17 ක් වූ කිතුඹුල්ල, නව තල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

යතුරුපැදියේ තිදෙනකු ගමන් කර ඇති බවද අනතුරින් පසු යතුරුපැදියෙන් විසි වී ගිය තරුණියගේ හිස තාර පාරේ පැදී බරපතළ තුවාල සිදු වී ඇති බවද පොලිසිය පවසනවා.

වරකාපොල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනවා.