මැඩ­ග­ස්ක­රයේ පාල­නය හමු­දාව අතට

ඉසෙඩ් පර­පුරේ තරුණ විරෝ­ධතා මැද ජනා­ධි­පති ඇන්ඩ්‍රි රජෝ­ලිනා රටින් පලා යෑමෙන් පසු එරට පාල­නය හමු­දාව යට­තට ගත් බව එරට හමුදා කර්න­ල්ව­ර­යකු ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. කර්නල් මයි­කල් රැන්ඩ්‍රි­ය­නි­රිනා නිවේ­ද­න­යක් මඟින් එම ප්‍රකා­ශය සිදු කිරී­මත් සමඟ මැඩ­ග­ස්ක­රයේ ජන­තාව අග­නු­වර වීදි බැස ජය සැමරූ බව ද අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

හමුදා කර්න­ල්ව­රයා එම නිවේ­ද­නය නිකුත් කර ඇත්තේ ජනා­ධි­ප­ති­ව­රයා රටින් පලා යෑමෙන් පසු මැඩ­ග­ස්කර් පාර්ලි­මේ­න්තුව දෝෂා­භි­යෝ­ග­ය­කින් ජනා­ධි­ප­ති­ව­රයා ඉවත් කිරී­මට පිය­වර ගැනී­මෙන් පසුව බව ද අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය.

මැඩ­ග­ස්ක­රය හමුදා පාල­න­යට ගැනී­මෙන් පසු එරට පාර්ලි­මේ­න්තුව හැර සෙසු සියලු රාජ්‍ය ආය­තන විසු­රුවා හැරී­මට ද පිය­වර ගෙන ඇති අතර, අන්ත­ර්වාර රජ­යක් සහ හමුදා නිල­ධා­රීන්ගේ කමි­ටු­වක් ඒකා­බ­ද්ධව ඉදිරි වසර දෙකක කාල­සී­මා­ව­කට මැඩ­ග­ස්ක­රය පාල­නය කරනු ඇතැයි කර්න­ල්ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම කාල­සී­මා­වෙන් පසු එරට නව මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට පිය­වර ගන්නා බවද ඔහු සඳ­හන් කර තිබේ.

මේ වන ­විට එරට හමු­දාව විසින් මැඩ­ග­ස්ක­රයේ ඉහළ ව්‍යවස්ථා­දා­යක අධි­ක­ර­ණය, ජාතික ස්වාධීන මැති­ව­රණ කොමි­සම, මහා­ධි­ක­ර­ණය සහ ආර­ක්ෂක කවු­න්සි­ලය විසු­රුවා හැර ඇතැයි ද වාර්තා වේ.