ඉන්දියාව තවදුරටත් රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමාට සහතික වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.
රුසියාවේ බලශක්ති ආදායම කපා හැරීම සඳහා වොෂින්ටනය ගෙන යන ප්රයත්නයන් තීව්ර කරමින්, ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම ගැන තමා සතුටු නොවූ බවත්, එය නවත්වන බවට මෝදි සහතික වූ බවයි ඔහු පවසා සිටියේ.
කෙසේ වෙතත් ඉන්දියාව තවමත් එම ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.