බදුල්ල ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය ඉදිරිපිට තිබූ බෝ ගසක අත්තක් ඊයේ (14) පෙරවරුවේ කඩා වැටීමෙන් ගිලන් රථයකට හා වෛද්‍යවරයකුගේ නිල රථයකට හානි සිදුවී ඇත.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ දියතලාව රෝහලට අයත් ගිලන් රථයකට හා බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂගේ නිල රථයට බව වාර්තා වේ.
අනතුරින් රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගීන් හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර බෝ අත්ත බෝ මැඳුර මතට කඩා වැටුණ ද ඒ තුළ තිබූ බුදු පිළිමවලට කිසිදු හානියක් සිදු නොවීම ද විශේෂ සිදුවීමක් බව සිද්ධිය ඇසින් දුටු අය පවසති.