අස්වැසුම ඔක්තෝබර් දීමනාව අද බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, රු. 11,223,838,750 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.