2015 නිකුත් වූ Windows 10 මෙහෙයුම් පද්ධතිය අද(14) සිට නිලවශයෙන් අවසන් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතයනය තීරණය කර තිබෙනවා.
ඒ මෙතෙක් පරිශීලකයන්ට ලබාදී තිබූ පාරිභෝගික සහායන් නිකුත් කිරීම අවසන් කරමින්.
මේ හේතුවෙන් අදින් පසුව Windows 10 භාවිතා වන පරිඝණක සඳහා මෙතෙක් ලබා දුන් යාවාත්කාලීන කිරීම්(Updates),නව ආරක්ෂක දෝෂ හා මෘදුකාංග දෝශ වල හේතු අනාවරණය වූ පසු ඒවාට අදාල පිළිතුරු ලබාදීම් අත්හිටුවනවා.
මෙමගින් සිදුවන්නේ Windows 10 සඳහා ලබාදෙන යාවත්කාලීන කිරීම් නතරවීම පමණක් බවත් සුපුරුදු පරිදි බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු සිදුකිරීම කල හැකි බවත් සඳහන්.
තවමත් ලොවපුරා පවතින ආයතනවලින් 41%ක් Windows 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අතර මේ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් තවත් වසරක කාලයක් සඳහා Extended Security Updates (ESU) ලබා දී තිබෙන අතර ඒ සඳහා ඇ.ඩො. 30 ක මුදලක් ලබා දී එය මිලදී ගැනීමට පරිශීලකයන්ට සිදු වනවා.