රත්‍රං මිල අද දිනයේදීත් ඉහළට

රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා.

ඒ අනුව, අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 342,300 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ (14) දිනයේදී එය දැක්වුණේ රු. 337,600ක් ලෙසයි.

මේ අතර, ඊයේ (14) දිනයේදී රු. 365,000 ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද (15) වන විට රු. 370,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.