මනූෂ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසමට පැමිණියා.

ඒ අවස්ථාවේදීයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.