දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් පසුගිය ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 5,700,000ක් පරීක්ෂාවට ලක්කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා.
අදාළ පිරිස ශරීර පරීක්ෂාවට මෙන්ම ප්‍රශ්න කිරීමටද ලක්කළ බවයි ඔහු පැවසුවේ.
මේ අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් සැක 4,082ක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම සැකපිට 120,000ක පිරිසක ප්‍රශ්න කිරීමට ලක්කළ බවද විවිධ වරෙන්තුකරුවන් 35,035ක් අත්ඩංගුවටගත් බවද සඳහන්.
මීට අමතරව දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් ටී.56 ගිනි අවි 66ක්, පිස්තෝල අවි 69ක් සහ රිවෝල්වර අවි 50ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.