අලුතින් ලියාපදිංචි කරනු ලබන මෝටර් රථ සඳහා නව අංක තහඩු නිකුත් කරන නිශ්චිත දිනයක් තවමත් සඳහන් කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා.
මෙම ප්‍රසම්පාදන කටයුත්ත පිළිබඳ ඉදිරිපත් වී ඇති අභියාචනාව සම්බන්ධ කටයුතු නිම වූ වහාම, හැකි ඉක්මනින් අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි ඔහු විශ්වාසය පළ කරන්නේ.
මෙම තත්ත්වය යටතේ පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බැවින්, අංක තහඩු වෙනුවට වෙනත් ස්ටිකර් ඇතුළු ක්‍රමවේද හරහා අංක ප්‍රදර්ශනය කර වාහන ධාවනය සඳහා අවකාශය ලබා දෙන ලෙස පොලිසියට දන්වා ඇති බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.