අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය චීන සංචාරය නිමා කරමින් අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබෙනවා.
චීනයේ බීජිං හි පැවැත්වූ “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීම සඳහා අගමැතිනිය පසුගිය 11 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා.