එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව පසුගිය දා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය නිවේදනය කිරිමත් සමග රජය පාර්ශවයෙන් තමන්ට සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පසුගිය 13 වැනිදා තමන්ට සාකච්ඡාවක් ලබා දුන් බවත්, ඒහි දී සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව ගැසට් කර බලාත්මක කිරීමට පොරොන්දු වූ බවත් හෙතෙම කියනවා.
ඉන්ධන කෝටාව සහ අනෙකුත් දීමනා සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබා ගත හැකි ප්‍රකාශයක් ලබා දුන් බවත් ඔහු පවසනවා.
ඒ කෙසේ වෙතත් එම පොරොන්දු නිසියාකාරයෙන් ඉටු නොවුණහොත් රජයට විරුද්ධව පාරට බැසීමට සිදු වන බව ද හෙතෙම සඳහන් කරනවා.
“ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අය වැයෙන් දෙනවා කියලා ඇමතිවරයා පොරොන්දු වුණා. අපි බලාගෙන ඉන්නවා. පොරොන්දු ඉටු කළේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.” යැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.