SVAT ක්‍රමවේදය හරහා මෙරට අපනයනකරුවන්ට විශාල සහනයක් ලැබී තිබුණු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කීමට රජය විසින් SVAT ක්‍රමවේදය අහෝසි කර, යළි බදු අය කිරීමට පටන්ගෙන ඇති බවද, රජය බලයට පැමිණීමට පෙර ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කීමට තමන් නැටීමට සූදානම් නොමැති බව යැයිද උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
වත්මන් රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල සිරකරුවන් බවට පත්ව ඇති බවයි එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
සමගි ජන බලවේගය බලයට පැමිණියේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් බවට පත් නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.