විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ස්තුතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාව ගැන සිතා, රජය විසින් ඉදිරිපත් කළ 6.8%ක ගාස්තු වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
එසේම, ආණ්ඩුව මැතිවරණයේදී පැවසූ ආකාරයට, ඉදිරි දින කිහිපය තුළදී 33% කින් විදුලි ගාස්තු අඩු කිරීම ගැනද සලකා බලන ලෙස ඔහු මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් කර සිටියා.