මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසනව‍ා.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සිදුකරන කාර්යයන් ඇණහිට ඇති බවට වාර්තා වීමත් සමග, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ද ඇණහිට ඇති බවට ඇතැම් පාර්ශ්වයන් විසින් ව්‍යාජ තොරතුරු මුදා හැර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇණහිට ඇති බවට පවසා තැරැව්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් අනවශ්‍ය පීඩනයකට ලක් කරමින් සිටින බවට මේ වන විට වාර්තා වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, තැරැව්කරුවන් ඇතුළු පිරිස්වල ව්‍යාජ තොරතුරු හමුවේ නොරැවටී කටයුතු කරන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.