අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන්, දිවයින ආශ්‍රිතව වායුගෝලීය කැලඹිලි ස්වභාවයන් ඇතිවිය හැකි අතර, ඉදිරි දිනවලදී දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා.