ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මෙම අංක 31//2025 වක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.