විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ස්තුතිය පළ කරයි

විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ස්තුතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාව ගැන සිතා, රජය විසින් ඉදිරිපත් කළ 6.8%ක ගාස්තු වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

එසේම, ආණ්ඩුව මැතිවරණයේදී පැවසූ ආකාරයට, ඉදිරි දින කිහිපය තුළදී 33% කින් විදුලි ගාස්තු අඩු කිරීම ගැනද සලකා බලන ලෙස ඔහු මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් කර සිටියා.