අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය ලබා දුන්නා.
මනුෂ නානායක්කාර හෙට දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබුණා.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.