හිටපු ජනපති මහි­න්දගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම ආණ්ඩුවේ වග­කී­මක්

ජීවිත අව­දා­නම හෝ ආර­ක්ෂාව ගැන නොසිතා රට ජාතිය ගැන සිතා කට­යුතු කළ යුද වීර­යන්ට ඉන්දි­යානු රජය සල­කන්නේ ඉතාම ඉහ­ළින් බවත්, නමුත් ශ්‍රී ලංකා රජය එසේ නොස­ල­කන බවත් පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ දයා­සිරි ජය­සේ­කර මහතා ප්‍රකාශ කළේය.

පාරි­භෝ­ගික සහ නිෂ්පා­දන ගොවි ජන­තාව යන දෙපි­රි­ස­ටම වැඩි වාසි අත්වන ආකා­ර­යට භාණ්ඩ හා සේවා මිලදී ගැනී­මට නව වෙළෙ­ඳ­පොළ යන්ත්‍ර­ණ­යක් සකසා තිබෙන කසා­ගල සමූහ ව්‍යාපා­රයේ මූල­ස්ථා­නය කොළඹ බත්ත­ර­මුල්ල කොස්වත්ත ප්‍රදේ­ශයේ විවෘත කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් ජය­සේ­කර මහතා එසේ කීය.

එහිදී වැඩි­දු­ර­ටත් ඔහු කියා සිටියේ, ඉන්දි­යාව රණ­වි­රු­වන්ට සල­කන ආකා­ර­යත්, ශ්‍රී ලංකාව සල­කන ආකා­ර­යත් අහ­සට පොළොව මෙන් අස­මා­නතා පව­තින බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

ඉන්දි­යාවේ දස­ල­ක්ෂ­යක් වූ හමු­දා­වට නාය­ක­ත්වය දුන් ඉන්දි­යාවේ පළමු ෆීල්ඩ් මාර්ෂ­ල්ව­රයා සෑම් මනු­ක්ෂ්‍යයා නම් වූ රණ­වි­රු­වාට විශ්‍රාම ලැබී­මෙන් පසු සෑම පහ­සු­ක­මක්ම සැප­යී­මට ඉන්දි­යන් රජය කට­යුතු කළා. නමුත් ශ්‍රී ලංකාවේ තිස් වස­රක යුද්ධය නිමා කිරී­මට නාය­ක­ත්වය සැපයූ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ආරක්ෂා කිරී­මට ශ්‍රී ලංකා රජය කට­යුතු කරන්නේ නෑ.

තම ජීවිත අව­දා­නම ගැන නොසිතා රට වෙනු­වෙන් සහ ජාතිය ආරක්ෂා කර­ගැ­නීම වෙනු­වෙන් තීන්දු තීරණ ගෙන කට­යුතු කළ ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සේවය ඉතාම ප්‍රශං­ස­නී­යයි. යුද ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු පාලන බලය ගෙන­යෑ­මේදී යම් යම් වැරදි අඩු­පාඩු එතුමා අතින් සිදු­වන්න ඇති. ඒවා පිළි­බ­ඳව වෙනම තර්ක කළ හැකියි. නමුත් ඔහු ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කළ සේවය සලකා බලා ජීවිත ආර­ක්ෂාව සහ­තික කිරී­මට රජය කට­යුතු කළ යුතුයි.

ලෝකයේ අසීරු, අමාරු තීන්දු තීරණ ගන්නා නාය­ක­යන් කාල­යෙන් කාල­යට බිහි­වෙ­නවා. එවන් නාය­ක­යෙක් ලෙස මහින්ද රාජ­පක්ෂ මහතා සැල­කිය හැකියි. අපේ රටේ තිස් වස­රක යුද්ධය හිටපු ජනා­ධි­ප­ති­වරු ගණ­නා­ව­කට නිමා කරන්න නොහැකි වුණා. නමුත් මහින්ද රාජ­පක්ෂ මහතා එය නිම කිරී­මට නාය­ක­ත්වය දුන්නා. අද ඔහු කිසිම ආර­ක්ෂා­වක් නැතිව තංග­ල්ලට වී සිටි­නවා. තවම සතුරු කඳ­වු­රු­ව­ලින් හිටපු ජනා­ධි­ප­තිට තර්ජන තිය­නවා. මේවා පිළි­බ­ඳව විශ්ලේ­ෂ­ණ­යක් කර එතු­මාගේ ආර­ක්ෂාව සහ­තික කළ යුතුයි. තව­මත් කොටි සෙව­ණැලි තිබෙ­නවා. ඒ නිසයි අප මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ආර­ක්ෂාව සහ­තික කිරී­මට කට­යුතු කරන ලෙස රජ­යෙන් ඉල්ලා සිටින්නේ.