හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
පැය 05 ක පමණ කාලයක් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
වසර 15 කට පෙර, ශ්රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.